කුවේටය ශ‍්‍රී ලංකා ගුවන් ගමන් නතර කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 3, 2020

කුවේටය ශ‍්‍රී ලංකා ගුවන් ගමන් නතර කරයි

කුවේට් රාජ්‍යය විසින් නැවත දැනුම් දෙන තුරු රටවල් 31ක් වෙත ගුවන් ගමන් නතර කිරීමට තීරණය කර තිබේ.

ඔවුන් නිවේදනය කර ඇත්තේ කොරෝනා වෛරසය පැතිරීමේ ඉහල අවදානමක් ඇති බවට කුවේට් රාජ්‍ය විසින් සලකුණු ලැබූ රටවල් 31කට මෙම පියවර ගැනීමටයි.

ශ‍්‍රී ලංකාව ද ඇතුළත්ව මෙම රටවල් අතරට ඉන්දියාව, පකිස්ථානය, පිලිපීනය, චීනය, ඊජිප්තුව, ඉරානය, බ‍්‍රසීලය, ඉතාලිය ඇතුළු රටවල් 31 ඇතුලත් වෙයි.

දැනට කුවේටයේ කොරෝනා රෝගීන් 67,000ක් වාර්තා වී ඇති අතර මරණ 400ට වැඩි ප්‍රමාණයක් සිදු වී තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad