අපේක්ෂකයන් කවුරුත් මැතිවරණ නීති පිළිපැද්දේ නැහැ - හුල්ගෙන් චෝදනාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 4, 2020

අපේක්ෂකයන් කවුරුත් මැතිවරණ නීති පිළිපැද්දේ නැහැ - හුල්ගෙන් චෝදනාවක්

අපේක්ෂකයන් කවුරුත් මැතිවරණ නීති පිළිපැද්දේ නැහැ - හුල්ගෙන් චෝදනාවක්

"කිසිදු දේශපාලන පක්ෂයක අපේක්ෂකයකු මැතිවරණ නීති පිළි පැද්දේ නැහැ. මැතිවරණ පැමිණිලි වැඩි වීමට ප්‍රධාන හේතුව ඒවාට සම්බන්ධ අපේක්ෂකයින් අධිකරණය හමුවට ඉදිරිපත් නොකිරීමයි. මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට සම්බන්ධ එකදු අපේක්ෂකයකු හෝ අධිකරණය හමුවේ වරදකරු වන්නේ නම් ඔහුට ලැබෙන දඬුවමට අමතරව වසර 7ක දේශපාලන තහනමක් පැනවෙනවා යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් සඳහන් කරයි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ මැතිවරණ තත්ත්වය අධීක්ෂණය සඳහා බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට පැමිණි අවස්ථාවේදීය.

රත්නජීවන් හූල් මහතා මෙසේ ද සඳහන් කළේය.

"බදුල්ල සහකාර මැතිවරණ කොමසාරිස් ඉන්දික හතුරුසිංහ ප්‍රමුඛ නිලධාරීන් මැතිවරණ කාර්යාලයේ කටයුතු සාර්ථකව සිදු කර තිබෙනවා. නමුත් මෙම ප්‍රදේශයෙන් තරග වදින කිසිදු දේශපාලන පක්ෂයක එකදු අපේක්ෂකයකු හෝ මැතිවරණ නීති නිසි ලෙස පිළිපදින්නේ නැති බව පෙනෙනවා. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වැඩි වීමට ප්‍රධානම හේතුව දේශපාලකයින් මැතිවරණ නීති සෙල්ලමකට ගෙන කටයුතු කිරීමයි. මැතිවරණ නීති කැඩීම් ගැන පැමිණිල්ලක් ලැබුණු විට පොලිසිය එම පැමිණිල්ල විභාග කරන්න ගිහින් අවවාද කර පැමිණෙනවා. පොලිසිය නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක නොකරන නිසා දේශපාලකයින් මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කරනවා."

No comments:

Post a Comment

Post Bottom Ad