අද තීරණාත්මකයි - ප්‍රශ්නයට පිළිතුරු නැත්නම් ආණ්ඩුවට දැනෙන්නට දෙනවා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 2, 2020

අද තීරණාත්මකයි - ප්‍රශ්නයට පිළිතුරු නැත්නම් ආණ්ඩුවට දැනෙන්නට දෙනවා

අද තීරණාත්මකයි - ප්‍රශ්නයට පිළිතුරු නැත්නම් ආණ්ඩුවට දැනෙන්නට දෙනවා

අද (02) වැනිදා වන විට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් තම ඉල්ලීම් නොලැබුණහොත් වත්මන් ආණ්ඩුවට දැනෙන පිළිතුරක් දෙන බවට කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරකීමේ එකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව අනතුරු අඟවා තිබේ.

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට වරාය අමාත්‍යවරයා වන ජොන්සටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කර තිබෙන කැබිනට් පත්‍රිකාවක් මුල් කොටගෙන වරාය වෘත්තීය සමිති එකමුතුව මේ වන විට සත්‍යග්‍රහයක් සහ වැඩ වර්ජනයක් වරාය භූමිය තුළ දියත් කර තිබේ.

නැගෙනහිර පර්යන්තය මෙතෙක් පාලනය වූ ආකාරයට ඉදිරියටත් පාලනය වීම සඳහා එය වරාය අධිකාරිය යටතට පත් කරන බවට ලිඛිත පොරොන්දුවක් ජනාධිපතිවරයාගෙන් ලැබෙනතෙක් විරෝධතාවය අවසන් නොකරන බව වෘත්තීය සමිති පෙන්වා දෙයි.

වරාය අධිකාරියේ පාලනය යටතේ නැගෙනහිර පර්යන්තයෙන් දිනකට මිලියන 20ක ආදයමක් උපයා දෙන බව වෘත්තීය සමිති සඳහන් කරයි.

මේ වන විට මෙම විරෝධතාවයට ජාතික භික්ෂූ පෙරමුණ ඇතුළු ගලබොඩ අත්තේ ඥානසාර හිමි සහ පාහියන්ගල ආනන්ද සාගර හිමියන්ගේ ද සහය ලැබී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad