කලකට පසු විමල්ටත් හූ සංග්‍රහයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 2, 2020

කලකට පසු විමල්ටත් හූ සංග්‍රහයක්

කලකට පසු විමල්ටත් හූ සංග්‍රහයක්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මුල් කරගෙන මේ වන විටත් දියත් කොට තිබෙන විරෝධතා ව්‍යාපාරයට සම්බන්ධ වෘත්තීය සමිති නායකයන්ට ජනාධිපතිවරයාගේ පණිවිඩයක් රැගෙන ගිය විමල් වීරවංශ අමාත්‍යවරයාට සහ උදය ගම්මන්පිල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට විරෝධකරුවන් “හූ” තබමින් විරෝධය දක්වා තිබේ.

වරාය වෘත්තීය සමිති සමඟ විරෝධතාවය සිදුවෙන ස්ථානයේම සාකච්ඡා කිරිමට මෙම දෙපළ උත්සාහ ගත්තද විරෝධතාකරුවන්ගේ විරෝධතාවය මැද මෙම සාකච්ඡාව ඒ අසල තිබූ රැස්වීම් ශාලාවක පැවැත්වීමට සිදුවිය.

එහිදී ජනාධිපතිවරයා මහා මැතිවරණයට පසුදින එනම් 06 වැනිදා උදෑසනම මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කිරීමට කැමැත්තෙන් සිටින බව වීරවංශ මහතා දන්වා සිටි අතර ඊට විරෝධය පෑ වෘත්තීය සමිති සඳහන් කර තිබෙන්නේ සාකච්ඡා කිරීම අනවශ්‍ය බවත් අවශ්‍ය මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ලිඛිත පොරොන්දුවක් ලැබීම පමණක් බවය

No comments:

Post a Comment

Post Bottom Ad