“කොමිඩි කින්ග්” චතුර සේනාරත්නට වයර් මාරුවෙලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 2, 2020

“කොමිඩි කින්ග්” චතුර සේනාරත්නට වයර් මාරුවෙලා

“කොමිඩි කින්ග්” චතුර සේනාරත්නට වයර් මාරුවෙලා

විනෝදාශ්වාදය සපයන කරුණු ඇතුළත් මතභේදාත්මක ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසලන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන චතුර සේනාරත්න මහතා යළිත් වතාවක් අනෝදලනාත්මක ප්‍රකාශයක් කර තිබේ. ඒ 06 වැනිදා උදෑසන කුකුළා හඬලන විට සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වී අවසන් බවය.

පවතින කොරෝනා තත්ත්වය හමුවේ අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන මහා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම සුපුරුදු පරිදිම එදින රාත්‍රීයේ ආරම්භ නොවන අතර එම කටයුත්ත ආරම්භ වන්නේ අගෝස්තු 06 වැනිදා උදෑසන 06ටය.

ඒ අනුව ඡන්දය ගණන් කිරීමටත් පෙර සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් වන්නේ කෙසේදැයි යන ප්‍රශ්නය චතුර සේනාරත්න මහතා ඉදිරියේ තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad