ශ්‍රී ලංකාවේදී ප්‍රථමවරට කොවිඩ් ආසාදිත මවක් දරුවකු බිහිකරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 1, 2020

ශ්‍රී ලංකාවේදී ප්‍රථමවරට කොවිඩ් ආසාදිත මවක් දරුවකු බිහිකරයි

ශ්‍රී ලංකාවේදී ප්‍රථමවරට කොවිඩ් ආසාදිත මවක් දරුවකු බිහිකරයි

ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට නැගෙනහිර කොළඹ මූලික රෝහලේ දී කොවිඩ් ආසාදිත මවක් දරුවෙකු බිහි කර තිබේ.

මෙම සිසේරියන් සැත්කම සඳහා වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් 35 දෙනකු සහභාගි වීම විශේෂත්වයකි.

ඩුබායිහි සිට පසුගිය 10 වැනි දා මෙරටට පැමිණි මෙම ගර්භනී මව කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර ඇති අතර එහිදී කළ පීසීආර් පරීක්ෂණයේ දී ඇයට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට පසුගිය 21 වැනි දා තහවුරු වී තිබේ.

පසුව වෛද්‍යවරුන් විසින් ඇයව කොවිඩ් ආසාදිත ගැබිණි මව්වරුන් වෙනුවෙන් ස්ථාපිත නැගෙනහිර කොළඹ මුලික රෝහලේ විශේෂ ඒකකය වෙත යොමුකර තිබේ.

පසුගිය 23 වැනිදා මෙම ඒකකයට ඇතුළත් කළ ඇය ඊයේ (31) පස්වරුවේ ප්‍රසූත වේදනාවෙන් සිටින බවට වෛද්‍යවරුන් නිරීක්ෂණය කර තිබුණි.

ඇය කොවිඩ් ආසාදිතයෙකුවීම නිසා මෙම දරු ප්‍රසූතිය ප්‍රවේශමෙන් කළ යුතු විය.

මවගේ විෂබීජ පරිසරයට මුසුවීම වැළැක්වීම එහිදී වෛද්‍යවරුන් මුහුණදුන් ප්‍රධාන අභියෝගයකි.

එබැවින් මෙම සිසේරියන් සැත්කම සඳහා වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් 35 දෙනකු එක් වී තිබේ.

ක්ෂුද්‍රජීවී වෛද්‍යවරුන්ද ඊට එක්ව සිටීම විශේෂත්වයකි.

ඒ අනුව කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටින ගැබිණි මවක් මෙරට දී දරුවකු බිහිකළ ප්‍රථම අවස්ථාව මෙය වේ.

නිරෝගී තත්ත්වයේ සිටියත් දරුවාගේ ජෛව සාම්පල කොවිඩ් පරීක්ෂණ සඳහා යොමුකර ඇති බව වෛද්‍යවරුන් පවසයි.

මේ වන විට වෙනම කාමරයක රඳවා සිටින මව සහ දරුවා සමඟ වෛද්‍යවරුන් අදහස් හුවමාරුකරගන්නේ ඉතා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් හරහාය.

No comments:

Post a Comment

Post Bottom Ad