බන්ධනාගාරයට හෙරොයින් ගෙන ගිය පූසෙක් හමුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 1, 2020

බන්ධනාගාරයට හෙරොයින් ගෙන ගිය පූසෙක් හමුවෙයි

බන්ධනාගාරයට හෙරොයින් ගෙන ගිය පූසෙක් හමුවෙයි

වැලිකඩ බන්ධනාගාරයට හෙරොයින් රැගෙන යාමට යොදාගත් බවට සැක කෙරෙන පූසෙකු බන්ධනාගාර නිලධාරීන් හමුවී තිබේ.

බන්ධනාගාරය ඉදිරිපිටදී ගෙලෙහි යමක් ගැට ගසා ඇති පූසෙක් බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරියෙකු විසින් පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ එම පාර්සලයේ හෙරොයින් ඇති බවටයි.

හෙරොයින් ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් දෙකක් එහි තිබී ඇති අතර අද මෙම පූසා නිලධාරීන්ට හමුවී තිබිණි.

එමෙන්ම දුරකථන සිම් කාඩ්පත් දෙකක් සහ මෙමරි කාඩ් පතක් එහි තිබූ බව වාර්තා වේ.

වැඩිදුර පරීක්ෂණ සඳහා එම පූසා බොරැල්ල පොලිසියට භාරදුන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad