සැකකරුවන් ඇල්ලුවේ නැත්නම් පොලිසියට වසරක සිර දඬුවම් ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 1, 2020

සැකකරුවන් ඇල්ලුවේ නැත්නම් පොලිසියට වසරක සිර දඬුවම් !

පොලිස් ආඥා පනතට අනුව අධිකරණ නියෝග අනුව කටයුතු නොකරන නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බවත් යම් සිද්ධියකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු නොකරන්නේ පොලිස් නිලධාරීන්ගේ මාස 12ක වැටුප කපාහැර මාස 12 ක සිරදඬුවමක් ලබාදිය හැකි බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා අවධාරණය කරයි.

ඒ පොලිස් ආඥා පනතේ 80වැනි වගන්තිය යටතේ දැක්වෙන 'බියසුළුකම' යටතේය.

මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලෙස නියම කළ මීගමුව බන්ධනාගාරය හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ හා ප්‍රධාන ජේලර්වරයා වශයෙන් කටයුතු කරන උපාලි සරත් බණ්ඩාර, වැඩබලන ජේලර් නිශාන්ත සේනාරත්න සහ දෙවැනි පෙළ ජේලර් ප්‍රසාද් කාලිංග කළුඅග්ගල නමැති නිලධාරීන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු නිකුත් කොට දින 7ක කාලයක් ගත වුවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකිරීම පිළිබඳව පොලිසියේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මේ අදහස් පළ කළේ මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා මහතා ඉදිරියේය.

ඩුබායි හි සිටි මධූෂ් නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා ද මැලේසියාවේ සිටි කුමරන් පද්මනාදන් හෙවත් කේපී ද ලංකාවට ගෙන ඒමට ආරක්ෂක අංශ කටයුතු කළත් වර්ග කිලෝමීටර් 65,000ක භූමියක මිලියන 22කට ආසන්න ජනතාවක් වෙසෙන රට තුළ සිටි සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයා ප්‍රමුඛ අසූ හත් දහසකට නොහැකි වී ඇතැයිද වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේය.

මෙම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර අනෙකුත් සැකකරුවන් අතුරින් දෙදෙනෙකු අධිකරණයට භාරවී තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad