පාලිත තෙවරප්පෙරුම යකා නටයි !!! පොලීසියටත් තර්ජනය කර කූණු හරපෙන් බැන වදී (වීඩියෝ) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 5, 2020

පාලිත තෙවරප්පෙරුම යකා නටයි !!! පොලීසියටත් තර්ජනය කර කූණු හරපෙන් බැන වදී (වීඩියෝ)

කලුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මැතිවරණ නීති උල්ලංඝණය කරමින් රථ වාහන පෙළපාලි සංවිධානය කරමින් නොසන්සුන්කාරී ව හැසිරෙමින් සිටින බව වාර්තා වනවා..

මනාප අංකය ප්‍රදර්ශනය කරමින් වාහනයක් සහ යතුරු පැදි යොදාගෙන මෙම පෙළපාලිය ඔහු විසින් සංවිධානය කර තිබූ අතර අවට පොලිස් නිළධාරීන් රාශියක් රැස් වී සිටිය ද ඔවුන් ඊට එරෙහි ව සැළකිය යුතු පියවරක් නොගැනීම කැපී පෙණුනි..

ඉන්පසු ව පොලිස් නිළධාරීන් ට රාජකාරිය ට බාධා කරමින් සහ තර්ජනය කරමින් පාලිත තෙවරප්පෙරුම කටයුතු කළ නමුත් පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගැනීමක් හෝ පාලනය කිරීමක් සිදු නො කිරීම විශේෂත්වයකි..

සමාජ ජාලා වල බොහෝ දෙනා අදහස් දක්වමින් පවසා තිබුණේ දේශපාලකයන් ට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන ම නීතියක්දැයි ගැටළුව පැන නගින බවත්, දේශපාලකයන් අමු අමුවේ නීතිය උල්ලංඝණය කරද් දී පොලිස් නිළධාරීන් බලා සිටිම කණගාටුව ට කරුණක් බවයි..

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *