ලෝක පාසල් විවාද ශූරතාවලියේ අනුශූරතාවය ශ්‍රී ලංකාවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 3, 2020

ලෝක පාසල් විවාද ශූරතාවලියේ අනුශූරතාවය ශ්‍රී ලංකාවට

ලෝක පාසල් විවාද ශූරතාවලියේ අනුශූරතාවය ශ්‍රී ලංකාවට

2020 ලෝක පාසල් විවාද ශූරතාවලියේ අනුශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා ජාතික විවාද කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ පරාජිතයන් පිටුදැකීමේ වටයෙන් ඉදිරියට ගිය පළමු අවස්ථාවත් මෙය වීම විශේෂත්වයකි.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉංග්‍රීසි භාෂාවෙන් හොඳම කණ්ඩායම ලෙස තේරී පත් වුණේ දෙවන භාෂා කාණ්ඩයෙනි.

සලීම් සුමන්තිරන් එම කාණ්ඩයේම 7 වන හොදම විවාදකයා වශයෙන් තේරී පත් විය.

මෙවර තරගාවලිය සදහා රටවල් 68ක් සහභාගී වී තිබේ.

මෙක්සිකෝවේදී මෙම තරගාවලිය පැවැත්වීමට නියමිත වුවද කොරෝනා වසංගත තත්ත්වය හමුවේ තරගාවලිය ඔන්ලයින් ඔස්සේ පැවැත්විය.

 

No comments:

Post a Comment

Post Bottom Ad