ඡන්දය දාන්න නිල් බෝල්පොයින්ට් පෑනක් අරන් යන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 3, 2020

ඡන්දය දාන්න නිල් බෝල්පොයින්ට් පෑනක් අරන් යන්න

ඡන්දය දාන්න නිල් බෝල්පොයින්ට් පෑනක් අරන් යන්න

පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන ලබන 05 වැනිදා ඡන්දය දැමීමට පැමිණෙන සියලූ දෙනා නිල් පැහැති බෝල් පොයින්ට් පෑනක් රැගෙන ඒම වඩාත් සුදුසු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

එසේම කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන මහ මැතිවරණය පැවැත්වෙන දින දිවයිනේ සියලූ මධ්‍යස්ථාන ආවරණය වන පරිදි අටදහසකින් සමන්විත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් යොදවන බවද ඒ මහතා කියා සිටියේය.

කොරෝනා තත්ත්වය මතුවූ රාජාංගනය ප‍්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානවලට වැඩි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් යොදවන බවද හේ කීය.

ඒ සඳහා වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්, හෙද කාර්ය මණ්ඩලය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් යොදවන බවද හෙතෙම සඳහන් කළේය.

මෙහිදී තවදුරටත් කතා කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙසේද කියා සිටියේය.

ඡන්දය දැමීමට පැමිණෙන සියලූ දෙනා මුලින්ම ඡන්ද මධ්‍යස්ථානය තුළදී සබන් යොදා දෑත් පිරිසිදු කරගන්න. ඊට පස්සේ පෝලිමට එකතුවීමේදී අනිවාර්යයෙන්ම මීටරයක පරතරය තබාගෙන ඡන්දය දැමීම සඳහා යන්න. ඒ වගේම සෑම කෙනකුම මුඛ ආවරණ පැළඳගෙන පැමිණීම අනිවාර්යයි. නිල් පැහැති බෝල් පොයින්ට් පෑනක් රැගෙන එන්න. ඡන්දය දැමීමේදී ස්පර්ශ කිරීම් අවම වන විදිහට තමයි ඡන්ද මධ්‍යස්ථාන සකස් වෙන්නේ. ඡන්දය දැම්මාට පසුව එළියට එනකොට යළි සබන් යොදා දෑන් පිරිසිදු කරගෙන එළියට එන්න, ඒ වගේම නිවෙස් තුළ නිරෝධායනය වන පිරිස සවස 4.00 ත් 5.00 ත් අතර කාලය තුළ ඡන්දය දාන්න එන්න. ඒ අය තමන්ගේම වාහනයකින් ඇවිත් ඡන්දය දාලා ඒ වාහනයෙන්ම ගෙදරට යන්න. කොරෝනා ආසාදනය වී රෝහල්වල ඉඳලා ටිකට් කපල ගෙදර ගිය පිරිසකටත් මේ කාලය තුළ ඡන්දය දාන්න එන්න පුළුවන්. සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රමවේද අනුගමනය කරමින් ඡන්දය භාවිතා කරන්න කියලා සියලූ දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

No comments:

Post a Comment

Post Bottom Ad