පක්ෂයෙන් නෙරපා හැරීම ප්‍රමාද කරන ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තුන්වැනි පාර්ශ්වයක් මගින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබේ.
කෙසේ වෙතත් ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම් සම්බන්ධයෙන් හෙට (03) පැවැත්වීමට නියමිත පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීන්දුවක් ගැනීමට නියමිතව ඇත.
සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන්ද හෙට (03) තීන්දුවක් ගැනීමට නියමිතව තිබුණත් මෙම ඉල්ලීම මත එය ප්‍රමාද කිරීමටද එජාප නායකත්වය තීරණය කර ඇත.
පසුගිය සතියේ පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සමගි බලවේගයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් 51 දෙනකු සහ පළාත් පාලන නියෝජිතයන් 64 දෙනකු පක්ෂයෙන් නෙරපා හැරියේය.
මහ මැතිවරණයට සමගි බලවේගයෙන් දිස්ත්‍රික්ක දහයකට ඉදිරිපත්ව සිටින ඇතැම් අපේක්ෂකයන් ඉලක්ක කර ගනිමින් වේදිකාවලදී විවේචන ඉදිරිපත් නොකරන ලෙසද එක්සත් ජාතික පක්ෂ නායකත්වය කෑගල්ල, මහනුවර, ගාල්ල, අනුරාධපුරය, බදුල්ල වැනි දිස්ත්‍රික්කවලින් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ට කලින්ම දන්වා තිබුණි.
No comments:
Post a Comment