ලංකාවේ කොරෝනා පරීක්‍ෂාවට ලක් කර ඇත්තේ පුද්ගලයන් 40,000ක් පමණයි - වසංගත රෝග විද්‍යා අංශ ප‍්‍රධානී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 1, 2020

ලංකාවේ කොරෝනා පරීක්‍ෂාවට ලක් කර ඇත්තේ පුද්ගලයන් 40,000ක් පමණයි - වසංගත රෝග විද්‍යා අංශ ප‍්‍රධානී

ශ්‍රී ලංකාව තුළ මේ වන විට කොරෝනා පරීක්ෂණ 150,000 ඉක්මවා සිදුකර තිබුණ ද එතරම්ම පුද්ගලයන් සංඛ්‍යාවක් පරික්ෂාවට ලක් කර නැති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි. මෙතෙක් මෙරට තුළ කොරෝනා පරීක්ෂාවට භාජනය කර ඇත්තේ පුද්ගලයන් 40,000ක පමණ ප්‍රමාණයක් බව ද ඔහු සඳහන් කළේය.

කොරෝනා ආසාදිත යැයි සැක පුද්ගලයෙකුට කිහිප අවස්ථාවක්ම පරික්ෂා කළ අවස්ථා ඇතැයි ද පැවසූ ඔහු ආසාදිතයන් රෝහල්ගත කිරීමෙන් පසු නැවත නිදහස් කිරීමට පෙර අවස්ථා කිහිපයකදීම පරීක්ෂණ සිදුකරන බවද සඳහන් කළේය.

ඒ සියල්ලේ එකතුව ලෙස මෙරතම් පරීක්‍ෂණ ප‍්‍රමානයක් වාර්තා වන බව ද ඔහු පැවසීය.

මෙරට සමාජය තුළ මේ වන විට පරීක්ෂණ කර ඇත්තේ 40,000 කට අධික ප්‍රමාණයක් යයිද ඔහු කියා සිටියේය.

ඉදිරියේ දී මෙම පරීක්ෂණ කිරීම තවදුරටත් ව්‍යාප්ත කිරීමට කටයුතු ආරම්භ කරන බවත් ඔහු කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad