හෙල්මට් නැතිව යාම වරදක් යයි මා දන්නේ නෑ - සනත් නිශාන්ත - (video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 30, 2020

හෙල්මට් නැතිව යාම වරදක් යයි මා දන්නේ නෑ - සනත් නිශාන්ත - (video)

හිස් වැසුම් නොමැතිව යතුරු පැදියක ගමන් කිරීම මහා ලොකු වරදක් යයි තමන් දන්නේ නැතැයි හිටපු රාජ්‍ය ඇමති පුත්තලම දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක සනත් නිශාන්ත සඳහන් කරයි.

මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් ඔහු කියා සිටියේ එම අවස්ථාවේ වරදක් සිදු කළ බවක් තමන් නොදන්නා බවයි.

රථවාහන නීති අනුව හිස්වැසුම් නොමැතිවීම නිසා රුපියල් පන්සියයක දඩ මුදලක් තමන්ට නියම කළ හැකි බවත් එම දඩය වන්නට ද තමන් සූදානම් බවත් ඔහු සඳහන් කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ දැනුම් දීම මත පොලිසිය විසින් පරීක්‍ෂණයක්ද ආරම්භ කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad