ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර වෙත ලිපියක් යොමු කරමින් හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පැවසුවේ රජයේ වියදම් අඩු කිරීමට සහ රටේ මූල්‍ය දුෂ්කරතා සමනය කර ගැනීම සඳහා මෙම වාහන ආපසු භාර දෙන බවයි.
හිටපු ජනාධිපතිනිය පෙන්වා දුන්නේ ඇයට නිල වාහන 12 ක් ලබාදී තිබු බවත්, පුද්ගලික හා නිල භාවිතය සඳහා වාහන 09 ක් ද, ආරක්ෂක අංශයට වාහන 03 ක් ද පවරා තිබු බවත්ය.
ආපසු භාරදුන් වාහන අතර නිසාන් පැට්‍රෝල් ජීප් රථයක්, මහේන්ද්‍ර ඩබල් කැබ් රථයක් සහ ටොයොටා ලෑන්ඩ් කෘසර් ජීප් රථයක් ද වේ. ඉදිරියේදී තවත් වාහන 08 ක් නැවත ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදෙන බව හිටපු ජනාධිපතිවරිය සඳහන් කර තිබෙනවා.


No comments:
Post a Comment