වයස අවුරුදු 16ට අඩු කුඩා පිරිමි ළමුන් අපයෝජනයට ලක් කර ඒවා ඡායාරූපගත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටින පුද්ගලයා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ පොලිස් මුලස්ථානයේ ඊයේ (27) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
එම සැකකරු දෙපානම, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි උපකාරක පංති පවත්වන 54 හැවිරිදි පුද්ගලයෙකු බවත් රූපවාහිනී වැඩසටහන්වල පසුතල නිර්මාණය කරන පුද්ගලයෙකු ලෙස කටයුතු කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කළේය.
එම සැකකරු විසින් 2018 වසරේ සිට ළමුන් නිවසට ගෙන්වා ගෙන අපයෝජනයට ලක් කර ඇති බව මේවන විට හෙළි වී තිබේ.
සැකකරු පසුගිය දා කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර පෙරේදා (26) ඔහු නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
එහිදී අධිකරණය විසින් සැකකරුව අගෝස්තු 5 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
යම් දෙමවුපියෙකුට මෙවැනි ළමා අපයෝජනයක් සිදුවී ඇති බවට සැකයක් ඇති නම් ඒ පිළිබඳව තොරුතුරු පොලීසිය වෙත ලබා දිය හැකි බවත් ළමා අපයෝජන සම්බන්ධ දුරකථන අංකය වන 1929ට පැමිණිලි කළ හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
No comments:
Post a Comment