කැබිනට් මණ්ඩලයේ ප්‍රමාණය වැදගත් වන්නේ නැති බවත් වැදගත් වන්නේ ආණ්ඩුව ජනතාවට කරන සේවය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
ලෝකයටම බලපෑමක් කර තිබෙන කොවිඩ් වසංගතය නිසා ඉදිරි කාල වකවානුව අභියෝගාත්මක කාලයක් බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඒ නිසා අස්ථාවර රජයක් තුළ සිටිමින් එම අභියෝගයන්ට මුහුණ දීමට නොහැකි බව ඔහු සඳහන් කරයි.
ස්ථාවර රජයක් පිහිටුවීමට ගත හැකි සෑම පියවරක්ම තම ආණ්ඩුව ගන්නා බව සඳහන් කරන අග්‍රාමාත්‍යවරයා එය සාර්ථක කර ගත හැකි බවට විශ්වාසයක් තම පාර්ශවයට තිබෙන බව ඔහු පවසයි.
එහෙත් යම් ප්‍රශ්නයක් වුවහොත් ස්ථාවර රජයක් පිහිටුවීම සඳහා පොදුජන පෙරමුණ නායකත්වය දරණ සන්ධාන ආණ්ඩුවක් සෑදීමට සිදු වනු ඇති බවට ඉඟියක්ද අග්‍රාමාත්‍යවරයා කරයි.
අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබුනේ ඉංග්‍රීසි පුවත්පතක් සමඟ සාකච්ජාවකට එක්වෙමිණි.
No comments:
Post a Comment