'රනිල්ගෙන් පසුව එජාප නායකත්වය මට ඔ්නෑ' - එජාප නායක රණ්ඩුවට දයා ගමගේ පනී ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 30, 2020

'රනිල්ගෙන් පසුව එජාප නායකත්වය මට ඔ්නෑ' - එජාප නායක රණ්ඩුවට දයා ගමගේ පනී !

නිල් වික්‍රමසිංහ මහතාගෙන් පසුව එක්සත් ජාතික පක්ෂ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂය අමාරුවේ වැටුනු වූ සෑම අවස්ථාවකදීම තාත්තෙක් වගේ පක්ෂය බලා ගත්තේ තමන් බවද හම්බ කළ හැම සේසතක් තමන් පක්‍ෂය වෙනුවෙන් වියදම් කළ බවද ඔහු පැවසීය.

කිසිදු හොරකමකට දූෂණයකට නම ගෑවිලාවත් නැති තමන් සිංහල බෞද්ධ නායකයෙක් බවත් ඔහු කීය.

කොළඹ දිස්ත්‍රික්කයේ මේ දිනවල තමන්ට හමුවන එක්සත් ජාතික පාක්ෂිකයන් ඉල්ලා සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසුව පක්ෂයේ නායකත්වය භාර ගන්නා ලෙස යැයිද ඔහු කියා සිටියේ ය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයේ පැවති ජන හමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad