හිඟුරාණ ප්‍රදේශයේ දේශපාලන රැස්වීම් ඇතුළු උත්සව පැවැත්වීම අත්හිටුවයි : නිවාඩු ගොස් පැමිණි කන්දකාඩු උපදේශකවරයෙක්ට කොරෝනා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 29, 2020

හිඟුරාණ ප්‍රදේශයේ දේශපාලන රැස්වීම් ඇතුළු උත්සව පැවැත්වීම අත්හිටුවයි : නිවාඩු ගොස් පැමිණි කන්දකාඩු උපදේශකවරයෙක්ට කොරෝනා

න්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ උපදේශකවරයෙකුට දෙවැනි වරට සිදුකළ PCR පරීක්ෂණයේදී ඔහුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පසුගිය දා හඳුනා ගෙන ඇත.

ඒ අනුව එම නිලධාරියා ඇසුරු කළ හිඟුරාණ, මුවන්ගොල ග්‍රාම 08 ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් ඊයේ දිනයේ සිට නිරෝධායනය කිරිමට පියවර ගත් බව දමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රසාත් විජෙලත් සඳහන් කළේ.

එම පිරිසට අද දිනයේදී PCR පරීක්ෂණ සිදුකිරිමට බලාපොරොත්තු වනා බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වුවත් එම ප්‍රදේශයේ මේ දක්වා කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයෙකු වාර්තාවී නොමැති බවත් ඒ හේතුවෙන් මුවන්ගල ප්‍රදේශයේ හුදෙකලා කිරීමක් සිදුනොකරන බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේ.

මෙම තත්ත්වය හේතුවෙන් හිඟුරාණ නගරයේ දෙවැනි පාලම සහ ගල්මඩුව දක්වා ප්‍රදේශවල අමතර පංති පැවැත්වීම, දේශපාලන රැස්වීම් පැවැත්වීම සහ වෙනත් උත්සව සහ සති පොළ යනාදිය පැවැත්වීම නතර කිරිමට සෞඛ්‍ය අංශ විසින් ජනතාවට උපදෙස් ලබාදී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad