උදේම ඡන්දෙ දාන්න යන්න. හවස් වෙනකොට මොනවා වෙයිද දන්නෑ - අගමැතිගෙන් අමුතු කතාවක් ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 29, 2020

උදේම ඡන්දෙ දාන්න යන්න. හවස් වෙනකොට මොනවා වෙයිද දන්නෑ - අගමැතිගෙන් අමුතු කතාවක් !

ගෝස්තු 05 වනදා උදෑසනම ගොස් ඡන්දය ප්‍රකාශ කරන්නැයි තමන් ඉල්ලා සිටින බවත් මේ දිනවල පවතින තත්වය අනුව සවස් වනවිට කුමක් වේදැයි කිවනොහැකි බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පෙරේදා (27) මාවතගමදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමිනි.

"ආර්ථික වශයෙන් පෙන්නන හැම අංශෙකින්ම අපි උඩට ඇවිල්ලා තිබුණෙ හාමුදුරුවනේ. ඒවා ඔක්කොම පහතට වැටිලා රට බංකොලොත් තත්වෙකට වැටිච්ච යුගයකට අපිට මුහුණ පාන්න වුණා.

තමුන්නාන්සෙලාගෙ වටිනා ඡන්දය අපතේ යවන්න එපා. ඡන්ද පොලට යන්න ඕනෙ උදේ පාන්දරින්. මොකද ... මේ දවස්වල උදෙන්ම යන්න ඕනෙ ඡන්ද ටික දාගන්න. නැත්නම් හවස් වෙනකොට මොනවා වෙයිද දන්නෙ නෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.


No comments:

Post a Comment

Post Bottom Ad