ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය සහායකවරයකු කොරෝනා - ලේකම් කාර්යාලය තාවකාලිකව වසා දමයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 30, 2020

ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය සහායකවරයකු කොරෝනා - ලේකම් කාර්යාලය තාවකාලිකව වසා දමයි


පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට අයත් ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු කාර්යාල කාර්ය සහායකවරයකු කොරෝනා ආසාදිත බවට තහවුරු විමෙන් පසුව අද (30) දිනයේ සිට එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සෞඛ්‍ය හේතූන් මත තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පොලොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා පවසයි.

ඒ අනුව ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන නිරෝධායනයට ලක්කළ යුතු පිරිස් හඳුනාගෙන ඔවුන් නිරෝධායනය සඳහා යොමුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද ඒ සඳහා සෞඛ්‍ය කණ්ඩායම් මේ වන විට එහි ගොස් සිටින බවද ඒ මහතා කීය.

මීට දින දෙකකට පෙර පී.සී.ආර්.පරීක්‍ෂණ සිදු කරනු ලැබූ ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ පිරිසක් අතුරින්  මෙම කොරෝනා ආසාදිතයා අලූතින්   හමුවූ බවද හෙතෙම පැවසීය.

ලංකාපුරින් හමුවූ කොරෝනා ආසාදිතයා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අංගොඩ උණ රෝහල වෙත මාරුකර යැවීමට පියවර ගෙන ඇතැයි ද වෛද්‍ය කුමාරවංශ මහතා කීවේය.

මීට පෙරද ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සංවර්ධන නිලධාරියකු කොරෝනා වැළඳී ඇති බවට තහවුරු වූ බව පොලොන්නරුව වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සංජය සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad