5% ආසනයක් ලබා ගැනීමට වන මූලික සුදුසුකම මිස ආසනයක් හිමිවීමේ ප්‍රතිශතය නොවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 29, 2020

5% ආසනයක් ලබා ගැනීමට වන මූලික සුදුසුකම මිස ආසනයක් හිමිවීමේ ප්‍රතිශතය නොවේ

5% ආසනයක් ලබා ගැනීමට වන මූලික සුදුසුකම මිස ආසනයක් හිමිවීමේ ප්‍රතිශතය නොවේ

ඡන්ද දායිකයින් බහුතරයක් සිතා සිටින්නේ දිස්ත්‍රික්කයක වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 5% ක් ලබා ගැනීම ආසනයක් හිමි වීමට සුදුසුකමක් ලෙස ය. දිස්ත්‍රික්කයක වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 5% ක් යම් පක්ෂයක් හෝ කණ්ඩායමක් ලබා ගැනීම ආසනයක් හිමි වීමට හේතුවක් නොවන අතර එය ආසනයක් ලබා ගැනීම සඳහා වන අවම සුදුසුකම සපුරා ලීම වේ. 

යම් මැතිවරණ දිස්ත්‍රික්කයක මන්ත්‍රී ආසන සංඛ්‍යාවෙන් එක් ආසනයක් ප්‍රසාද ආසනේ දෙස ඉවත්කර ඉතිරි ආසන සංඛ්‍යාව 5% ට වඩා ඡන්ද ලබාගත් එක් එක් පක්ෂ හෝ කණ්ඩායම් ලබාගන්නා ඡන්ද සංඛ්‍යාවෙන් බෙදා ආසන වෙන් කිරීමෙන් පසුව එසේ ආසන ලබාගත් පක්ෂවල ඉතිරි වන ඡන්ද සංඛ්‍යාවට වඩා 5% ක් ලබාගත් යම් පක්ෂයක හෝ කණ්ඩායමක ඡන්ද සංඛ්‍යාව වැඩි වන්නේ නම් එම පක්ෂයට ආසනයක් හිමිවේ. ඒ සඳහා ද ආසනයක් ඉතිරිවී තිබීම අත්‍යවශ්‍ය වේ. එය සාමාන්‍ය ජනවහරේ හැඳින්වෙන්නේ ඉතිරි කොටේට ආසනයක් දෙනවා කියාය.

එළඹෙන මහ මැතිවරණයේදී දිස්ත්‍රික්ක රැසක පක්ෂ කීපයක්ම මෙම 5% සුදුසුකම් ලැබීමේ සීමාව ඉක්මවීම ඉඩ තිබෙන බව ද වාර්තා වේ. සමානුපාතික ඡන්ද ක්‍රමය හා මනාප ක්‍රමය හඳුන්වා දුන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සනයක් ලබා ගැනීම සඳහා දිස්ත්‍රික්කයක ලබාගත යුතු වලංගු ඡන්ද සංඛ්‍යාව 12.5% කි. එය 1989 මහ මැතිවරණයට පෙර එවකට සිටි අග්‍රාමාත්‍යවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතාගේ බලවත් ඉල්ලීම මත 5% දක්වා අඩු කිරීමට එවකට හයෙන් පහක බලයක් තිබුණු පාර්ලිමේන්තුව අනුමැතිය ලබා දෙන ලදී. ප්‍රේමදාස මහතා මෙම ඉල්ලීම කරන ලද්දේ එවකට සිටි සුළු ජාතික පක්ෂ සිය සහයෝගය ඔහුට ලබාදීම සඳහා පැනවූ කොන්දේසියකට එකඟවීමක් හැටියටය.

No comments:

Post a Comment

Post Bottom Ad