"නිරෝධායන මධ්‍යස්ථාන ගැන හමුදාව අහලවත් තිබුනේ නෑ - එය ජනපතිගේම අදහසක්" (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 30, 2020

"නිරෝධායන මධ්‍යස්ථාන ගැන හමුදාව අහලවත් තිබුනේ නෑ - එය ජනපතිගේම අදහසක්" (VIDEO)

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා මෙරට නිරෝධායන මධ්‍යස්ථාන ඇති කිරීම සම්බන්ධයෙන් මුල්ම යෝජනා ඉදිරිපත් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

හමුදාවට මින් පෙර නිරෝදායන මධ්‍යස්ථාන සම්බන්ධයෙන් කිසිදු අත්දැකීමක් නොතිබූ බවද ඔහු පවසයි.

නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඒ සම්බන්ධයෙන් ලබාදුන් උපදෙස් අනුව හමුදා විසින් එම කාර්යය සාර්ථකව කරගෙන ගිය බවත් ඔහු පැවසීය.

කොරෝනා පාලනය සඳහා හමුදාව සම්බන්ධ කර ගැනීම ගැන මුලින් විවේචන ඉදිරිපත් වුවද අද වන විට ලොව බොහෝ රටවල් අවසාන අවස්ථාවේ හමුදා යොදා ගනිමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

යුද හමුදාව මේ සඳහා යොදා නොගත්තේ නම් සෞඛ්‍ය අංශ අසීරුතාවයකට පත් වන බවත් සෞඛ්‍ය අංශ විසින් සති දෙකක් ඇතුළත ප්‍රකාශ කළ බවත් පැවසූ ඔහු අද වන විට බාහිර සමාජයෙන් කිසිදු රෝගියෙකු හමුනොවී මාස දෙකකට ආසන්න කාලයක් ගතවී ඇති බවත් එකොළොස් දෙනෙකු පමණක් මියගොස් මේ ප්‍රශ්නය පාලනය කරන්නට ශ‍්‍රී ලංකාවට හැකියාව ලැබී ඇත්තේ මෙම විශිෂ්ඨ සැලසුම නිසා බවද ඔහු සඳහන් කළේය.

කොරෝනා පාලනයට හමුදාවද යොදා ගැනීම ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ බුද්ධිමත්කම බවත් වෙන රටවල් එය නොකිරීම ඔවුන්ගේ නොදැනුවත්කම විය හැකි යයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad