මැලේසියාවේ රැඳී සිටි ලාංකිකයන් පිරිසක් කටුනායකට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 30, 2020

මැලේසියාවේ රැඳී සිටි ලාංකිකයන් පිරිසක් කටුනායකට

මැලේසියාවේ රැඳී සිටි ලාංකිකයන් පිරිසක් කටුනායකට

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැලේසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 150 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ක්වාලාලම්පූර් නුවර සිට අද (30) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මේ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 319 දරන විශේෂ ගුවන් යානයෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරින් පිටත්ව ආ මෙම පිරිස රැගත්  ගුවන් යානය උදෑසන 8.52 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම ගුවන් මගීන් අතර එරට රැකියා සදහා ගොස් සිටි පිරිසක් සහ මැලේසියාවේ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් සිටි සිසුන් සිටින බව ද වාර්තා වේ.

මෙම ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කෙරුණි.

No comments:

Post a Comment

Post Bottom Ad