MCC ගිවිසුමට කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ප‍්‍රසම්පාදන කටයුතු සඳහා කැඳවීම් කරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 26, 2020

MCC ගිවිසුමට කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ප‍්‍රසම්පාදන කටයුතු සඳහා කැඳවීම් කරලා

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමේ (එම්.සී.සී) මෙරට ප‍්‍රසම්පාදන කටයුතු සඳහා ඇමරිකානු තානාපති කාර්යාලය එම වෙබ් අඩවිය හරහා කැඳවීම් කර තිබෙන බව අපේ ජන බල පක්ෂයේ නායක අතුරලියේ රතන හිමියෝ ප‍්‍රකාශ කළහ.

ඇමෙරිකානු තානාපති කාර්යාලය ගෙන ඇති මෙම තීන්දුව රජයේ අනුමැතිය සහිතව කළ දෙයක්ද, එසේ නොමැති නම් ඇමරිකානු රජය රටේ ස්වෛරීත්වය සහ ආණ්ඩුව නොසලකා එම ගිවිසුම බලහත්කාරයෙන් පැටවීමක්ද යන්න රජය රටට හෙළි කළ යුතු බව උන්වහන්සේ කීහ.

රජයේ එකඟතාවක් නොමැතිව ඇමරිකා එක්සත් ජනපදය මෙවැනි තීන්දුවක් ගනීවිදැයි ප‍්‍රශ්නයක් පැන නගින බව කී උන්වහන්සේ මහ මැතිවරණයෙන් අනතුරුව මෙම ගිවිසුම ක‍්‍රියාවට නැංවීම සඳහා වත්මන් රජය සහ ඇමරිකානු රජය එකඟතාවක සිට ඇති බවට සැකයක් මතුවන බවත් පැවැසූහ.

එහෙත් කොරෝනා වසංගතය නිසා ආණ්ඩුවට මහමැතිවරණය නිසි කලට පැවැත්වීමට නොහැකි වූ හෙයින් ඇමරිකානු එක්සත් ජනපදය යොදාගත් පරිදි න්‍යාය පත‍්‍රය අනුව සිය පාර්ශ්වයේ කටයුතු කරගෙන යන බවක් මෙමගින් හැඟී යන බව අතුරලියේ රතන හිමියෝ සඳහන් කළහ.

ආණ්ඩුව තුනෙන් දෙකක බලය ඉල්ලන්නේ ජනාධිපති වේදිකාවේ පතුරු ගැසූ මෙම ගිවිසුම ක‍්‍රියාවට නංවන්න ද යන සැකය බරපතළ ලෙස මතුව ඇති බව සඳහන් කළ රතන හිමියෝ මෙම තොරතුරු ඇත්තද නැද්ද යන්න ආණ්ඩුව වහා රටට හෙළි කළ යුතුව ඇති බව අවධාරණය කළහ.

අපේ ජන බල පක්ෂය නායක ගම්පහ දිස්ත‍්‍රික් අපේක්ෂක අතුරලියේ රතන හිමියෝ එම අදහස් පළ කළේ රාජගිරිය ගෝතමී පාරේ පිහිටි සදහම් සෙවණේ පැවති මාධ්‍ය හමුවකදීය.

– divaina


No comments:

Post a Comment

Post Bottom Ad