මම නැතුව එක්සත් ජාතික පක්ෂයට දිනන්න වෙන්නේ නැහැ - පලනි දිගම්බරම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 26, 2020

මම නැතුව එක්සත් ජාතික පක්ෂයට දිනන්න වෙන්නේ නැහැ - පලනි දිගම්බරම්

මම නැතුව එක්සත් ජාතික පක්ෂයට දිනන්න වෙන්නේ නැහැ - පලනි දිගම්බරම්

තමන් නොමැතිව මහ මැතිවරණයෙන්  නුවරඑලිය දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්ෂයට කිසිසේත් ජයග්‍රහණය කල නොහැකි බව ජාතික සමගි ජනබලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක සහ හිටපු අමාත්‍යය පලනි දිගම්බරම් මහතා පැවසිය.

පලනි දිගම්බරම් මහතා අද (26) හැටන් නගරයේ විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමින් ඒ බැව් පැවසිය.

මාධ්‍යය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු පලනි දිගම්බරම් මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතාගේ ක්‍රියා කලාපය හේතුවෙන් තමන් එක්සත් ජාතින පක්ෂය අතහැර ජාතික සමගි ජනබලවේගයට එක් වු බවයි.

ඉකුත් රජය සමයේ වතුකරයේ ජනතාවට වසර 4 ½ කාලයක් තුල සංවර්ධන කටයුතු රාශ්‍රියක් සිදු කල නිසා වතුකරයේ ජනතාව තමන් නියෝජනය කරන ජාතික සමගි ජන බලවේගයට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා දිමට මේ වන විට සුදානම්ව සිටින බව දිගම්බරම් මහතා කියා සිටියි.

මැතිවරණ ජයග්‍රහණයෙන් පසු තමන් කිසිසේත්  ජාතික සමගි ජනබලවේගය හැර නොයන බවත් , රටේ පාලන බලය ජාතික සමගි ජන බලවේගය අනිවාර්යෙන්ම ලබා ගන්නා බවත් පලනි දිගම්බරම් මහතා මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් කියා සිටියහ.

සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් තමන් වතුකරයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරන බවත්, පවත්නා තත්ත්වය මත කලින් මැතිවරණ වලට වඩා වැඩි මුදලක් මෙවර මැතිවරණයට වැය කිරිමට සිදු වන බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියි.

තමන්ට දේශපාලන වශයෙන් අතිතයේදි අභියෝග නොතිබුණ බවත්, වර්තමානයේද එවැනි අභියොග නොමැති බවත් , දුෂණ වංචා සිදු නොකරන පිරිසිදු පිරිසක් මෙවර පාර්ලිමේන්තුවට තේරි පත් විය යුතු බව පලනි දිගම්බරම් මහතා මාධ්‍යය හමුවේ කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad