හරීන් ප්‍රනාන්දුගේ ප්‍රකාශය හෙළා දකිනවා - අගමැති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 24, 2020

හරීන් ප්‍රනාන්දුගේ ප්‍රකාශය හෙළා දකිනවා - අගමැති

හරීන් ප්‍රනාන්දුගේ ප්‍රකාශය හෙළා දකිනවා - අගමැති

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශය හෙළා දකින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 

කුරුණෑගල, පොල්ගහවෙල ප්‍රදේශයේදී ඊයේ (23) පෙරවරුවේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 

බෞද්ධ හෝ හින්දු හෝ මුස්ලිම් ආගමික වේවා කුමන  ආගමක  වුවත් නායකයෙකුට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම නොකළ යුතු බව අවධාරණය කළේය.

තමා දන්නාතරමින් කිසි දිනෙක කාදිනල් හිමිපාණන් දේශපාලනය සිදු කළේ නැති බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා එතුමා සෑමවිටම විවේචනය කිරීම, හරි වැරදි පෙන්වීම සහ මග පෙන්වීම පමණක් සිදු කළ බැවින් මෙවැනි ප්‍රකාශ ඉතා කණගාටුදායක බව අග්‍රාමාත්‍යවරයා පවසයි.

මෙවැනි ප්‍රකාශ සිදු කිරීමට උල්පන්දම් දෙන්නන් සහ එම ප්‍රකාශ සිදුකරන පුද්ගලයින් සම්බන්ධයෙන් පක්ෂවල නායකයින් දැඩි පියවර ගතයුතු බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය. 

No comments:

Post a Comment

Post Bottom Ad