කොතරම් මඩ ගැසුවත් තමන්ගේ කට වසන්නේ නැති බවත් තමන් කිසිවකුට බිය නැති බවත් පැවසූ ඔහු ඉදිරි මැතිවරණයේදී සමගි ජනබලවේගයේ ජයග්‍රහණය තහවුරු කරන බවද පැවසීය.
තම දෙමාපියන් ඇත්ත ඇති සැටියෙන් දැකීමටත්, හරි දේ හරි ලෙස දැකීමටත් වැරදි දේ වැරදි ලෙස දැකීමටත් තමන්ට උගන්වා ඇතැයිද ඔහු සඳහන් කළේ ය.
ඔහු මේ බව කියා සිටියේ දී බදුල්ලේදී පැවති ජන හමුවක් අමතමිනි.
අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පසුගිය ජනාධිපතිවරනයේදී දේශපාලනය කරමින් 5% ක ඡන්ද ප්‍රමාණයක් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට කටයුතු කළේ යැයි කලින් පවසන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු කණගාටුව පල කිරීමක් හෝ සමාව ගැනීමක් සිදු නොකල අතර එම ප‍්‍රකාශය ඉල්ලා අස්කර ගැනීම හෝ සිදු නොකළේය.
නමුත් සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා හරීන් ප‍්‍රනාන්දු මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අගරදගුරුතුමන්ගෙන් සමාව අයැද සිටියේය.
පසුව හරින් ප්‍රනාන්දු මහතා තම සමාජ ජාල ගිණුම් ප්‍රකාශ කර තිබුණේ කපටියා ඇඟ බේරාගෙන කතා කරමින් හොඳ නම රැක ගන්නා බවත් අවංකයා බොක්කෙන්ම කතාකර සියල්ල නැති කරගන්නා බවත්ය.


No comments:
Post a Comment