වරෙන්තු නැතුවත් රවී අත්අඩංගුවට ගන්න පුලුවන් - නීතිපති අධිකරණයට දන්වයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 27, 2020

වරෙන්තු නැතුවත් රවී අත්අඩංගුවට ගන්න පුලුවන් - නීතිපති අධිකරණයට දන්වයි

බැඳුම්කර ගනුදෙනුවට අදාලව වරෙන්තු නිකුත් කර ඇති හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් 07 දෙනාට එල්ල වී ඇති චෝදනා අනුව අවශ්‍ය නම් ඔවුන් වරෙන්තු නොමැතිව වුවද අත්අඩංගුවට ගතහැකි බව නීතිපතිවරයා අභියාචනාධිකරණය වෙත දැනුම් දී තිබෙනවා.

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා රවී කරුණානායක මහතා ඇතුළු 07 දෙනෙකු විසින් ගොනුකර තිබූ අභියාචනාධිකරන පෙත්සම් ඊයේ (26) විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් කරුණු දක්වමින් මිලින්ද ගුණතිලක මහතා සඳහන් කළේ ඔවුන්ට එල්ල වී ඇති චෝදනා පොදු දේපල පනත යටතේ වන වැරදි බවයි. අදාල වැරදි සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කිරීමේ බලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ලැබෙන බව ද ඔහු අභියාචනාධිකරණය වෙත පෙන්වා දුන්නා.

පසුගිය මාර්තු 06 වැනිදා රවී කරුණානායක මහතා ඇතුළු 07 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළ අතර කරුණානායක මහතා ඇතුළු පිරිස ඊට එරෙහිව අභියාචනාධිකරණ පෙත්සම් ගොනු කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad