පාස්කු ප්‍රහාරයේ අසම්පූර්ණ වාර්තා 40ක් නීතිපති හරවා යවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 27, 2020

පාස්කු ප්‍රහාරයේ අසම්පූර්ණ වාර්තා 40ක් නීතිපති හරවා යවයි

පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති අසම්පුර්ණ විමර්ශන වල උදෘත ගොනු හතළිහක් නැවත වැඩබලන පොලිස්පතිවරයා වෙත නීතිපතිවරයා විසින් භාර දී තිබෙනවා.

විවිධ පොලිස් ස්ථාන වලින් විමර්ශන අවසන් බවට සඳහන් කරමින්, එම විමර්ශනවල උදෘත නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු  කර තිබුණත්, ඒවා අසම්පූර්ණ වීම හේතුවෙන් කිසිදු නීතිමය පියවරක් ගත නොහැකි බව පෙනී යන බවයි නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ.

පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සම්බන්ධයෙන් වන අසම්පූර්ණ ගොනු ඉදිරියේදීත් මේ ආකාරයට ම භාරදීමට සිදු වන බවත් එම අසම්පූර්ණ විමර්ශන නොපමාව හරි ආකාරව සිදු කර, ඒවා නීතිපතිවරයා වෙතට භාර දෙන ලෙසට ද පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී ඇති බවයි නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධි නීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ.


No comments:

Post a Comment

Post Bottom Ad