මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය නිකුත් කරන වේලාව ගැන ඉඟියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 27, 2020

මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය නිකුත් කරන වේලාව ගැන ඉඟියක්

මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය නිකුත් කරන වේලාව ගැන ඉඟියක්

ඉදිරි මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය අගෝස්තු 6 වැනි දා රාත්‍රී 8ට පමණ නිකුත් කළ හැකි වනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (26) මොණරාගල දී පැවැති වැඩසටහනකට එක්වෙමිනි.

මොණරාගල රාජකීය ජාතික පාසලේ අද ස්ථාපිත කර තිබුණු ආදර්ශ පෙරහුරු ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථානය තුළ ඡන්දය ගණන් කිරීම සිදුකෙරුණේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුවයි.

එය නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද සහභාගි වුණි.

මේ අතර මැතිවරණ නීති උල්ලංඝනය කරමින් අපේක්ෂකයෙකුගේ අංකය බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ ගස්, ගල් සහ බෝක්කුවල සටහන් කර තිබූ දැන්වීම් පොලීසිය විසින් ඉවත් කිරීමට පියවර ගත්තේය.

No comments:

Post a Comment

Post Bottom Ad