ත‍්‍රිපෝෂ ෆැක්ටරිය වහයි.. ගැබිණියන්ට, ලදරුවන්ට ත‍්‍රිපෝෂ නෑ ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 1, 2020

ත‍්‍රිපෝෂ ෆැක්ටරිය වහයි.. ගැබිණියන්ට, ලදරුවන්ට ත‍්‍රිපෝෂ නෑ !

ජාඇල පිහිටා ඇති ත‍්‍රිපෝෂ කම්හල සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව වාර්තාවේ.

මීට හේතු වී ඇත්තේ ත‍්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩ ඉරිගු නොමැති වීමයි.

එහි සේවය කරන සේවකයන් 300ක් පමණ පිරිසක් කම්හල වසා දැමීමත් සමග නිවෙස් වල රැඳී සිටී.

දැනට සති දෙකක පමණ කාලයක් තිස්සේ බඩ ඉරිගු නොමැතිවීම හේතුවෙනි ත්‍රිපෝෂ නිපදවිම නවතා ඇත.

මේ තත්ත්වය මත ඉදිරියේදී ගැබිණි මාතාවන්ට හා ළදරුවන්ට රජය විසින් ලබාදෙන ත්‍රිපෝෂ ලබා දීම නැවතෙනු ඇතැයිද වාර්තා වෙයි.

එමෙන්ම එම් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන ‘සුපෝෂ’ සඳහා වෙළඳ පොලේ ඉතා ඉහළ ඉල්ලුමක් ඇති අතර මසකට මිලියන 07 ක් ඉක්මවා ඒවා වෙලදපලේ විකිණේ.


No comments:

Post a Comment

Post Bottom Ad