මුඛ ආවරණ නොපළඳින පුද්ගලයන්ට දඩුවම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 27, 2020

මුඛ ආවරණ නොපළඳින පුද්ගලයන්ට දඩුවම්

මුඛ ආවරණ නොපළඳින පුද්ගලයන්ට දඩුවම්

මුඛ ආවරණ නොපළඳින පුද්ගලයන් දඩුවම් ලබාදෙන අතර සෞඛ්‍ය නිර්දේශ පිළි නොපදින පුද්ගලයන්ට එරෙහිව ද නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

කොරෝනා වසංගතයේ අවදානම පහව යන තෙක් එය පාලනය කර ගැනීමට ජනතාවගේ ද සහය අත්‍යවශ්‍ය බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙයි.

මාස 3ක පමණ කාලයක් පවත්වාගෙන ආ අත් සේදීම දුරස්ථභාවය තබා ගැනීම ඇතුලු සෞඛ්‍ය පුරුදු තවදුරටත් අනුගමනය කළ යුතු බව ද ඔහු පැවසුවේය.

මෙම කරුණුවලට පටහැනිව කිසියම් අයෙක් කටයුතු කරන්නේ නම් එය නිරෝධායන නීතිවලට පටහැනිවීමක් ලෙසට සලකා නීතිමය පියවර ගන්නා බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියාසිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad