කරුණා අම්මාන් ගැන අදහස් පල කරන ෆේස්බුක් ගිණුම් තහනම් කරන බවට රජයෙන් අවවාද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 27, 2020

කරුණා අම්මාන් ගැන අදහස් පල කරන ෆේස්බුක් ගිණුම් තහනම් කරන බවට රජයෙන් අවවාද?

මුදා සෙබලූන් ඝාතනය කිරිම පිළිබද පසුගියදා කරුණා අම්මාන් ප‍්‍රසිද්ධියේ සිදුකළ ප‍්‍රකාශය පිළිබඳව සමාජ මාධ්‍ය ඇතුඑ ෆේස්බුක් ඔස්සේ අදහස් පළකරන අයගේ ෆේස්බුක් ගිණුම් තහනම් කරන බවට රජයේ අවවාදයක් සහිත පණිවිඩ ලැබෙන බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ති‍්‍රක් නායක අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
කරුණා අම්මාන්ගේ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දැක්වූ තම හිතවතෙකුගේ පුද්ගලික ගිණුමටද එසේ රජයේ අවවාදය සහිත පණිවිඩය ලැබී ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

යහපාලන රජය විසින් මාධ්‍යවේදීන්ට, වෘත්තීය සමිති නායකයින්ට හා ආගමික නායකයින්ටද අදහස් පළකිරිමේ පූර්ණ නිදහස ලබාදුන් අතර වත්මන් රජය ක‍්‍රම ක‍්‍රමයෙන් එම නිදහස කප්පාදු කරමින් සිටින බව හෙතෙම පැවසීය.

මැතිවරණයේදි පොරොන්දු වූ මාධ්‍ය නිදහස මේකද යන්න රජයෙන් විමසා සිටින බවත් කිරිඇල්ල මහතා ප‍්‍රකාශ කළේය.

– මාධ්‍ය ඒකකය


No comments:

Post a Comment

Post Bottom Ad