එජාපයේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට මහ ලේකම්වරයාට බලයක් හෝ අයිතියක් නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 28, 2020

එජාපයේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට මහ ලේකම්වරයාට බලයක් හෝ අයිතියක් නෑ


පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට හෝ තනතුරුවලින් ඉවත්කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට බලයක් හෝ අයිතියක් නොමැති බව සමගි ජනබලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළා.

ඒ සමගි ජනබලවේගයෙන් මෙවර මැතිවරණයට නාමයෝජනා ලබාදී ඇති එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් ඇතුලූ 100 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් කළ විමසීමකදියි.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඇතුළු එම පක්ෂයේ සාමාජිකයින් සිය දෙනෙකුගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය සහ පක්ෂයේ දැරූ තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගත් බව ඊයේ දැනුම් දුන්නා.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් මෙම තීරණය පසුගිය 22 වැනිදා ලිපි මගින් අදාළ සාමාජිකයින්ට දැනුම් දුන් බවයි එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර කියා සිටියේ.

මෙලෙස පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ පිරිසට රංජිත් මද්දුමබණ්ඩාර, ලක්ෂ්මන් කිරිඇල්ල, මංගල සමරවීර, කබීර් හෂීම්, ගයන්ත කරුණාතිලක, චන්ද්‍රානි බණ්ඩාර, තලතා අතුකෝරාල, පී.හැරිසන්, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මුජිබර් රහුමාන්, ආචාර්ය හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, සුජීව සේනසිංහ, රවීන්ද්‍ර සමරවීර, අජිත් මාන්නප්පෙරුම, හර්ෂන රාජකරුණා, චමින්ද විජේසිරි, දිලිප් වෙදආරච්චි, බුද්ධික පතිරණ, මයන්ත දිසානායක, යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අයත්.

No comments:

Post a Comment

Post Bottom Ad