මත්ද්‍රව්‍ය හේතුවෙන් රිමාන්ඩ් කළ ක්‍රිකට් ක්‍රීඩකයාට තරග තහනමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 26, 2020

මත්ද්‍රව්‍ය හේතුවෙන් රිමාන්ඩ් කළ ක්‍රිකට් ක්‍රීඩකයාට තරග තහනමක්

මත්ද්‍රව්‍ය හේතුවෙන් රිමාන්ඩ් කළ ක්‍රිකට් ක්‍රීඩකයාට තරග තහනමක්

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ක්‍රිකට් ක්‍රීඩකයාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තරග තහනමක් පනවා තිබේ.

පසුගිය මැයි 23 වැනිදා ෂෙහාන් මධුසංඛ හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලිග‍්‍රෑම් 700 තබාගැනීමේ චෝදනාවට පන්නල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූනි මස දෙවන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad