ලබන 25 වන දා වනතුරු ජනපතිට මැතිවරණය ගැන ප්‍රකාශ සිදු කළ නොහැකියි - ගම්මන්පිල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 14, 2020

ලබන 25 වන දා වනතුරු ජනපතිට මැතිවරණය ගැන ප්‍රකාශ සිදු කළ නොහැකියි - ගම්මන්පිල

ලබන 25 වන දා වනතුරු ජනපතිට මැතිවරණය ගැන ප්‍රකාශ සිදු කළ නොහැකියි - ගම්මන්පිල

එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ පවසන ආකාරයට මහ මැතිවරණයක් කඩිනමින් පැවැත්වීමේ හදිසියක් ජනාධිපතිවරයාට හෝ වත්මන් රජයට නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. 

එම පක්ෂ දෙකේ නියෝජිතයන් පසුගිය දිනවල කළ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් ඔහු ඊයේ(13) මේ බව සඳහන් කළේය.

අප්‍රේල් 25 වන දා පසුවන තුරු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ප්‍රකාශයක් සිදු කළ නොහැකි බව හෙතෙම පෙන්වා දුන්නේය.

මැතිවරණය කලින් පැවැත්විම හෝ මැතිවරණය කල්දැමිම සම්බන්ධයෙන් රජය කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බව ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad