සමඟි ජන බලවේගය දේශපාලනයෙන් ඉවත් කරන්න කුමන්ත්‍රණයක් කරනවා - සජිත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 15, 2020

සමඟි ජන බලවේගය දේශපාලනයෙන් ඉවත් කරන්න කුමන්ත්‍රණයක් කරනවා - සජිත්

සමඟි ජන බලවේගය දේශපාලනයෙන් ඉවත් කරන්න කුමන්ත්‍රණයක් කරනවා - සජිත්

සමඟි ජන බලවේගය දේශපාලනයෙන් ඉවත් කිරිමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඊයේ  විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය.

"කොරෝනා උවදුර තුළ තමයි මේ සැඟවුණු ඩීල් කුමන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ. සමගි ජන බලවේගය කුමන්ත්‍රණකාරීව දේශපාලනයෙන් ඉවත් කරන්න කුමන්ත්‍රණයක්. අපි මේ සන්ධානය ගොඩනැගුවේ අනුමැතියක් ඇතුව. අද වන විට අපේ දේශපාලන බලවේගය මැඩ පවත්වන්න මහා දැවැන්ත කුමන්ත්‍රණයක් පාර්ශ්ව ගණනාවක් එකතුවෙලා, අපිව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයෙන් ඉවත් කරන්න උත්සහ කරනවා."

No comments:

Post a Comment

Post Bottom Ad