ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණයකට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 15, 2020

ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණයකට


අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ද තමන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිට තිබෙනවා. එහිදී අනාවරණ වී ඇත්තේ ජනාධිපතිවරයා හට වෛරසය ආසාදනය වී නොමැති බවයි.

කෙසේ වෙතත් වසංගතක් ලෙස ලොව පුරා පැතිර යන කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හමුවේ ලොව පුරා වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 5,831 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

මේවනවිට ලොව පුරා සිටින නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 156, 438 ක්.

නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීමෙන් මේ වනවිට දැඩි බලපෑමට ලක්ව ඇත්තේ යුරෝපයයි. යුරෝපය නියෝජනය කරන ඉතාලිය, ස්පාඤ්ඤය සහ ප‍්‍රංශය ඒ අතර පෙරමුණෙහි පසුවනවා.

නව කොරෝනා වෛරසය හමුවේ චීනයට පසු වැඩිම බලපෑමකට ලක්ව තිබෙන ඉතාලියෙන් පමණක් ගතවූ පැය 24 තුළ නව කොරෝනා මරණ 175 ක් වාර්තා වනවා. ඒ අනුව ඉතාලියෙන් මේවනවිට වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 1,441 ක්. ඉතාලියේ සිටින සමස්ථ නව කොරෝනා  ආසාධිතයින් ගණන 21,157 ක් වනවා.

මේ අතර නව කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියෙන් පසුව වැඩිම බලපෑමට ලක්ව ඇති රට වන ස්පාඤ්ඤයෙන් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව ද 195 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරට සිටින ආසාදිතයින් ගණන 6,391 ක්. එසේම ස්පාඤ්ඤ අග‍්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චෙස්ගේ බිරිඳට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි එරට රජය නිවේදනය කළේ.

No comments:

Post a Comment

Post Bottom Ad