රුධිරය පරිත්‍යාග කරන්නන්ට විශේෂ උපදෙස් මාලාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 20, 2020

රුධිරය පරිත්‍යාග කරන්නන්ට විශේෂ උපදෙස් මාලාවක්

රුධිරය පරිත්‍යාග කරන්නන්ට විශේෂ උපදෙස් මාලාවක්

රට තුළ උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය රුධිරය පරිත්‍යාග කරන්නන්ට විශේෂ උපදෙස් නිකුත් කර තිබේ.

රටේ පවතින තත්ත්වය හේතුවෙන්, ලේ දන්දීම් සංවිධානය කිරීමේ අපහසුතාව නිසා ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට රුධිරය ලබා ගැනීමේ දුෂ්කර තත්ත්වයක් මතුව තිබේ.

එහි අධ්‍යක්ෂවරයා පැවසුවේ පරිත්‍යාගශීලීන්ට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට පැමිණ රුධිරය ලබාදීමට අවස්ථාව ඇති බවයි.

ඒ සඳහා විශේෂ දුරකතන ඇමතුම් අංකයක් වෙන්කර ඇති අතර එමගින් වේලාවක් වෙන් කර ගත යුතු ය.

එම දුරකතන අංකය වන්නේ 011-5 332 153 යි.

එසේම රුධිරය පරිත්‍යාග කිරීමේදී සළකා බලන සුදුසුකම් කිහිපයක් ඇතැයි අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

මේ අනුව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් එදිරිසිංහ මහතා සඳහන් කරන්නේ, මාස 3ක කාලයක් ඇතුළත විදේශගතව පැමිණි අය , උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැළදී ඇති අයට මෙන්ම තම පවුලේ සාමාජිකයෙකු මාසයක් ඇතුළත විදේශගතව පැමිණියේ නම් රුධිර පාරවිලයන කළ නොහැකි බවයි.

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, කළින් වේලාව වෙන්කරවාගෙන රුධිරය පරිත්‍යාග කිරීමට පැමිණෙන ලෙසය.

රුධිරය පරිත්‍යාග කිරීමට පැයකට 10 දෙනෙකුට පමණක් ඉඩකඩ ලබා දෙන බව ද ඔහු සඳහන් කළේ ය.

 

No comments:

Post a Comment

Post Bottom Ad