ඉතාලිය චීනය අභිබවා යයි - මරණ සංඛ්‍යාත තවත් ඉහළට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 20, 2020

ඉතාලිය චීනය අභිබවා යයි - මරණ සංඛ්‍යාත තවත් ඉහළට

ඉතාලිය චීනය අභිබවා යයි - මරණ සංඛ්‍යාත තවත් ඉහළට

කොරෝනා වෛරස් ආසාදනය හේතුවෙන් ඉතාලිය තුළ මේ වෙන විට ඉතාමත් දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබේ.

ඉතාලිය මිලියන 60ක ජනතාවක් සමඟ රටම වසා දමා තිබුණද, මරණ සංඛ්‍යාවේ අඩුවක් වී නොමැති බව වාර්තා වේ.

මේ වෙන විට ඉතාලිය තුළ කොරෝනා ආසාදිතයන් 3,405 දෙනෙකු ඊයේ (19) දිනය වෙන විට මිය ගොස් ඇත. චීනයේ මිය ගොස් තිබුණේ 3,248 දෙනෙකු පමණි.

චීනයේ 3,248ක් මිය ⁣ගියේ ආසාදනය වීම් 80,967කින් වෙන අතර, ඉතාලියේ 3,405ක් මිය ගොස් තිබුණේ ආසාදනය වීම් 41,035 කිනි.

No comments:

Post a Comment

Post Bottom Ad