රතන හිමිගේ පක්ෂයේ නාමයෝජනා 3ක් ප්‍රතික්ෂේප වෙයි! ඥාණසාර හිමිට, ජීවන්ට, ප්‍රසංගට මැතිවරණයට තරඟ කිරීමත් අහිමි වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 20, 2020

රතන හිමිගේ පක්ෂයේ නාමයෝජනා 3ක් ප්‍රතික්ෂේප වෙයි! ඥාණසාර හිමිට, ජීවන්ට, ප්‍රසංගට මැතිවරණයට තරඟ කිරීමත් අහිමි වෙයි

රතන හිමිගේ පක්ෂයේ නාමයෝජනා 3ක් ප්‍රතික්ෂේප වෙයි! ඥාණසාර හිමිට, ජීවන්ට, ප්‍රසංගට මැතිවරණයට තරඟ කිරීමත් අහිමි වෙයි

පූජ්‍ය අතුරලියේ රතන හිමිගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණු "අපේ ජන බලවේගය" පක්ෂයේ  දිස්ත්‍රික් තුනක නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇත.

කොළඹ ,කුරුණෑගල කළුතර යන දිස්ත්‍රික්කවල  නාමයෝජනා මෙලෙස ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ.

අපේ ජන බලබලවේගය පක්ෂය කොඩිය ලකුණු යටතේ මෙවර මහා මැතිවරණයට තරඟ කිරීමට සූදානමින් සිටියේය.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද නාමයෝජනා සඳහා අත්සන් කර තිබුණද එම දිස්ත්‍රික්කයේ නාමයෝජනා ප්‍රතික්ෂ්‍රේප වීම හේතුවෙන් ඥාණසාර හිමිට මැතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව අහිමිවී තිබේ.

ඊට අමතරව කොළඹ  දිස්ත්‍රික්කයෙන් ජීවන් කුමාරතුංග, ප්‍රසංග සෝලංගාරච්චි, ගාමීණි තිලකසිරි, අක්මීමන දයාරතන හිමියන් සහ තවත් භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙකුම නාමයෝජනා සඳහා අත්සන් කර තිබිණි.

මේ අනුව එම දිස්ත්‍රික්කවලින් අපේ ජන බලවේග පක්ෂය යටතේ තරඟ කිරීමට බලා බලාපොරොත්තු වු අපේක්ෂකයන්ට මෙවර මහ මැතිවරණය සඳහා තරග කිරීමට අවස්ථාව අහිමි වනු ඇත.

කෙසේ වෙතත් අදාළ නාමයෝජනා පත්‍ර නැවත සලකා බලන ලෙස අපේ ජන බලවේගය පක්ෂය මැතිවරණ කොමිෂන් සභා වෙත මේ වන වනවිටත් ඉල්ලීමක් කර ඇති බව වාර්තාවේ.

No comments:

Post a Comment

Post Bottom Ad