පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකුටත් කොරෝනා ආසාදනය වෙලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 20, 2020

පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකුටත් කොරෝනා ආසාදනය වෙලා

පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකුටත් කොරෝනා ආසාදනය වෙලා

කොරෝනා වෛරසය ආසාදනය වී මේවනවිට අයි.ඞී.එච් රෝහලේ ප‍්‍රතිකාර ලබන්නන් අතර ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයෙකු ද සිටින බව වාර්තා වේ.

ඔහු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ වරකාපොළ ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍රවරයෙකි.

මෙම පුද්ගලයා කටුනායක ගුවන් තොටුපළේ වෛද්‍ය ඒකකයට අනියුක්තව සේවය කළ අයෙකු වන අතර කටුනායක ගුවන් තොටුපළේ සේවයේ යෙදී සිටි හමුදා සාමාජිකයෙකු ද නව කොරෝනා ආසාදනය වී ඇතැයි මීට පෙර හඳුනා ගැනුණු අතර ඔහු රෝහල්ගත කර ඇත්තේ ද, නව කොරෝනා ආසාදිත බවට දැන් තහවුරු වී තිබෙන මෙම මන්තී‍්‍රවරයා විසින් බව වාර්තා වේ. 

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ කෑගල්ල නෙලුම්දෙණිය ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු කොරෝනා වෛරසය ආසාදනය වී තිබියදී මැතිවරණ ජනහමු ගණනාවකට සහභාගී වී ඇති බවයි.

ඔහු විසින් ගමේ පන්සලේ බෝධි පූජාවක් ද සංවිධානය කර තිබු බවත් එම අවස්ථාවන් සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටි බවත් සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසී ය.

ඒ ආකාරයෙන් එක් පුද්ගලයෙකුගෙන් විශාල පිරිසකට වෛරසය සම්ප්‍රේෂණය වී ඇත්නම් එය මර්දනය අපහසු බව ද ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad