රුපියලේ අගය වාර්තාගත ලෙස පහළට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 14, 2020

රුපියලේ අගය වාර්තාගත ලෙස පහළට

රුපියලේ අගය වාර්තාගත ලෙස පහළට

ගෝලීයව ව්‍යාප්ත වෙමින් තිබෙන කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ (13) ඉතිහාසගත ලෙස පහළ ගියේය.

ඒ අනුව මෙරට ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය ඊයේ 185.08 ක් ලෙස සටහන්ව තිබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඊයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 185.08ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 181.21ක් ලෙසත් දැක්විණි.

ගෝලීය වසංගතයක් ලෙස නම් කර තිබෙන කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙන අතර ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ආසියාවේ සහ යුරෝපයේ මුදල් ඒකක අද දුර්වල තත්ත්වයක් පෙන්නුම් කළ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad