නිරෝධායනයට, හමුදාවට ගරහමින් ගෙදර යන්න ඕනෑ කියා කටුනායක යකා නැටු දෙදෙනෙකුට කොරෝනා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 14, 2020

නිරෝධායනයට, හමුදාවට ගරහමින් ගෙදර යන්න ඕනෑ කියා කටුනායක යකා නැටු දෙදෙනෙකුට කොරෝනා

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඊයේ දිනයේ රෝහල්ගත කරන ලද පුද්ගලයන් තිදෙනාගෙන් දෙදෙනකු නිරෝධායන ක‍්‍රියාවලියට විරෝධය පෑ දෙදෙනෙක් බව හෙලිව තිබේ.

ගුවන්තොටුපලේ දී නිරෝධායනය ක්‍රියාවට විරෝධය පළ කරමින් ආවේගශීලීව හැසිරුණු පිරිස් අතර මෙම පුද්ගලයන් දෙදෙනාද වන බව තහවුරු වී ඇත.

ඔවුන්ගෙන් එක් අයෙක් මේ වන විට කොළඹ ජාතික උණ රෝහලේ හා අනෙක් පුද්ගලයා පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයෙ හෙළිවූ අනිත් කොරෝනා ආසාදිතයා මෑතක දී ජර්මනියේ සංචාරය කරන ලද පුද්ගලයෙකි.

මේ හේතුවෙන් රජය ඉල්ලා සිටින්නේ නිරෝධායන ක්‍රියාවලට උපරිම සහාය දෙන ලෙසත් එය තම පවුලට සහ රටේ රට පුරා මෙම වෛරස් ව්‍යාපෘතිය පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන ක්‍රියාවලියක් බවත්ය.

මේ වන විට කොරෝනා ආසාධිතයන් 05 දෙනෙකු රෝහල්ගතව ප‍්‍රතිකාර සදහා යොමු කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad