Night Data අඩු කරලා Day Time 50%කින් අඩු කරලා කාටවත් නොදනී කරන Data මාෆියාව මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 21, 2020

Night Data අඩු කරලා Day Time 50%කින් අඩු කරලා කාටවත් නොදනී කරන Data මාෆියාව මෙන්න

ශ්‍රී ලංකාව මේ වනවිට  ඩිජිටල් ලෝකය ජයගන්නට බොහෝ සෙයින් උත්සහ කරමින් සිටී.

නමුත් ඇතැම් විට ඊට තිබෙනා ප්‍රධාන බාධාවක් ලෙස යම් අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් සිදුකරගෙනු යනු ලබන ඩේටා මාෆියාව හේතුවී ඇති බව  දැක්විය හැකිය.
මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඔවුන්  සිදුකල අධ්‍යනයකදී ද මේ පිළිබඳව හෙළිදරව් වී ඇති බවයි.

ඔවුන් එම නිවේදනයෙන් වැඩිදුරටත් පේනවා දෙන්නේ බොහෝ ශ්‍රී ලාංකික අන්තර්ජාල පරිශීලකයින් ප්‍රමාණයක් මේ පිලිබදව මැසිවිලි නැගුවත් ඒ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකිරීමට එම අන්තර්ජාල සේවා සපයන ආයතන මෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවද කටයුතු කරන බවක් දැකගත හැකි බවයි.

විශේෂයෙන්ම යම් අන්තර්ජාල සේවා සපයන සමාගම් තම පාරිභෝගිකයන්ට ලබාදීමට ගිවිසුමකින් බැදීසිටින අන්තර්ජාල වේගයෙන් හරි අඩකට වැඩි (50% ත් 70%) අතර අන්තර්ජාල වේග ප්‍රමාණයක් වත් ලබාදීමට අපොහොසත්වී තිබෙනවා.

යම් අන්තර්ජාල සේවා සපයන සමාගම් රාත්‍රී 12න් පසුව ලබාදෙන දත්ත (Night Time Data) සදහා දෙනු ලබන අන්තර්ජාල වේගය මන්දගාමී සිදුකිරීමක් සිදුකරන බවක්ද අනාවරණය වී ඇති බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ.


No comments:

Post a Comment

Post Bottom Ad