එයට අමතරව රුපියල් 20,000 ක බැගින් දඩයක් ද නියම කරනු ලැබූ විනිසුරුවරයා අල්ලස් ලෙස ලබාගත් රුපියල් ලක්ෂ තුනක මුදල විත්තිකරුවන් දෙදෙනාගෙන් දණ්ඩනයක් ලෙස අයකර ගැනීමට ද නියම කළේය.
එකී දඩ හා ලබාගත් අල්ලස් මුදල නොගෙවන්නේ නම් වසර තුන බැගින් අමතර සිර දඬුවම් සුනිල් වික‍්‍රම අබේසිංහ හා මහින්ද කිත්සිරි නමැති විත්තිකරුවන්ට ලබා දීමට ද විනිසුරුවරයා එහිදී වැඩිදුරටත් නියම කළේය.
2013.05.27 වැනිදා හා 2013.05.31 වැනිදා කාලය අතරතුරදී හංවැල්ල ඇඹුල්ගම පිහිටි සියරට හෝටලයේ හිමිකාරිය වන කැලණියගේ දීපිකා ශ්‍යාමලි ජයවීර නමැත්තියගෙන් එකී අල්ලස් ලබා ගැනීම ඇතුළු අධිචෝදනා 8 ක් යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් එම නඩුව පවරා තිබිණි. පැමිණිලිකාර හෝටල් හිමිකාරියට එරෙහිව එම හෝටලයට යාබදව පිහිටි විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පොලිසිය විසින් එම නඩුව පවරා තිබිණි.
නඩුවේ තීන්දුව හෝටල් හිමිකාරියට වාසි සහගත ලෙස ලබාදීම සඳහා එකී අල්ලස ලබාගෙන තිබියදී විනිසුරුවරයාගේ නිල රථයෙන් හෝටලය අසලට ගොස් ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයා මගින් එම අල්ලස ලබාගත් අවස්ථාවේදීම විත්තිකරුවන් අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සමත් වී තිබිණි.
අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් ගංගා හෙයියන්තුඩුව මහත්මිය පැමිණිල්ල මෙහෙයවූවාය.


No comments:
Post a Comment