රිෂාඩ්ගේ බිරිඳගෙන් CIDය ප්‍රශ්න කරයි - ජෙනරේටර් මගඩිය ගැනත් කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 27, 2020

රිෂාඩ්ගේ බිරිඳගෙන් CIDය ප්‍රශ්න කරයි - ජෙනරේටර් මගඩිය ගැනත් කියයි

දූෂිත ගනුදෙනු රැසකට මුල් වූ බව කියන සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටි බවට තහුවරු වන හිටපු ඇමැති රිෂාඩ් බදියුද්දීන්ගේ බිරිඳගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (26 ) පැය හතරහමාරක ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.
තිඹිරිගස්යායේ නිවසක් වටලා මීට පෙර අත්අඩංගුවට ගත් සතොස රහසිගත ලියවිලි සම්බන්ධයෙන් කළ විමර්ශන මත හිටපු ඇමැතිවරයාගේ බිරිඳ මෙලෙස සීඅයිඩීයට කැඳවා තිබුණා..

කිලෝවොට් විස්සේ ජෙනරේටර් ආනයනය කරන මුවාවෙන් කිලෝ වොට් දහයෙ ජෙනරේටර් ගෙන්වා කළ ටෙන්ඩර් මගඩියකට අදාළව රහස් පොලිසියටවත් සොයාගත නොහැකිව තිබූ ලියකියවිලිවල මුල් පිටපත් මෙම නිවසෙන් හමු වුණා.

දැනට කරන ලද විමර්ශන අනුව දූෂිත ටෙන්ඩර් ගනුදෙනු රැසකට මුල් වූ ආනයනික සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලයේ ඇමැති රිෂාඩ් බදියුද්දීන්ගේ බිරිඳ සිටින බවට තහවුරු වී ඇතැයි පැවසෙනවා.

ඊයේ (26 වැනිදා) දහවල් 11.00ට ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ අතර සවස 3.30ට දක්වා ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.

වැඩිදුර ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා හිටපු ඇමැති බිරිඳ අද (27 ) උදෑසන යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad