ශ්‍රී ලංකා පිළ බසයෙන් යවා නිලධාරීන් 50ක් සැපට උඩින් ගිහින් - අමන නිලධාරීන්ගේ වැඩේ මාට්ටු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 27, 2020

ශ්‍රී ලංකා පිළ බසයෙන් යවා නිලධාරීන් 50ක් සැපට උඩින් ගිහින් - අමන නිලධාරීන්ගේ වැඩේ මාට්ටු

ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර ඊයේ (27) පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය සඳහා තරගයට සහභාගි වීමට ශ්‍රී ලංකා සහ කොදෙව් ක්‍රීඩකයන් බස් රථවලින් සූරියවැව දක්වා ගමන් කරද්දී තරගය නැරඹීම වෙනුවෙන් ක්‍රිකට් කරවන නිලධාරීන් 50කට ආසන්න සංඛ්‍යාවක් ගුවන් යානයක් වෙන්කරගනිමින් එහි ගොස් තිබෙනවා.

ඒ අනුව රටක් නියෝජනය කරන ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ලබා දිය යුතු පහසුකම් කිසිදු ලැජ්ජාවකින් සහ හිරිකිතයකින් තොරව නිලධාරීන් විසින් භුක්ති විඳීම හේතුකොටගෙන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය අයාලේ ගොස් තිබෙන බවට ආසන්නතම උදාහරණය මෙය බව තතු දත් ආරංචිමාර්ග සඳහන් කළා.

සූරියවැවදී තරගයට පෙර පුහුණුවීම් සඳහා දින 3කට පෙරාතුව ශ්‍රී ලංකා සහ කොදෙව් කණ්ඩායම් බස්රථවලින් එහි යද්දී ඒ පහසුකම රට වෙනුවෙන් ක්‍රීඩකයන්ට ලබා නොදී තමන් ඒ පහසුකම් භුක්ති විඳින්නට යෑමේ ප්‍රතිඵල හේතුකොටගෙන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අයාලේ යෑමට බලපෑ පරිපාලන දුර්වලතා දිගටම ක්‍රියාත්මක වන බව මේ අනුව පැහැදිලි වන බවද මෙම ආරංචිමාර්ග තවදුරටත් පැසඳහන් කළා.

No comments:

Post a Comment

Post Bottom Ad