එජාපය ප්‍රමුඛ සන්ධානය හංසයා ලකුණෙන් මහ මැතිවරණයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 19, 2020

එජාපය ප්‍රමුඛ සන්ධානය හංසයා ලකුණෙන් මහ මැතිවරණයට

හංසයා ලකුණ යටතේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ඉදිරි මහ මැතිවරණයේදී තරග කිරීමට එකඟ වූ බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසයි. සජිත් ප්‍රේමදාස පාර්ශ්වය සහ රනිල් වික්‍රමසිංහ පාර්ශවය අතර ඊයේ (18) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹි බව ඔහු පැවසුවේය.

වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා පැවසුවේ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් අනුමැතිය ගන්න බවත් තිබු ගැටලු අදින් අවසන් බවත්ය.

එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සන්ධානයේ නායකයා බවද ඔහු පැවසිය.


No comments:

Post a Comment

Post Bottom Ad